අබුඩාබි නුවර අවන්හලක සිදුවූ පිපිරීමෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා

අබුඩාබි නුවර සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඔහු සේවය කළ අවන්හලේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි සමිත් රංගන නමැති තරුණයෙකි.

ඔහු වැලිගම, වරකපිටිය, විස්කම් උයන ගම්මානයේ පදිංචිව සිටියේය.

ඔහුගේ දේහය අබුඩාබි නගරයේ රෝහලක තැන්පත් කර ඇති බව ඥාතීහු පවසති.

පවුලේ එක ම පිරිමි දරුවා වූ සමිත් රංගන සිය පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් අබුඩාබි නුවර බලා පිටත් වී තිබිණි.

ඔහු විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව එම රැකියාවට ගොස් ඇති අතර සඳුදා උදෑසන ද විවාහ ගිවිසගෙන සිටි බිරිඳ සමග දුරකතනයෙන් කතා කළ බව දෙමාපියෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කෙල්ලෙක් මරලා ඇතුළට ගිහින් එළියට ඇවිත් මාස 8යි, කෙල්ල කුඩුත් එක්ක මාට්ටු

Wed Sep 2 , 2020
මහනුවර රෝහල් පටුමග ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 62යි මිලිග්‍රෑම් 350ක් සමග කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ මහනුවර පොලීසියේ කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරා කාන්තාව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 33ක් වූ එම කාන්තාවගේ අත්බෑගයේ තිබී හෙරෝයින් සහ මුදලින් රුපියල් පනස්දහසක් […]

Breaking News