සිංහරාජය බැලීමට පැමිණි තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වෙයි

සිංහරාජයේ සංචාරය සඳහා පැමිණි තරුණයෙකු ලංකාගම – අරණුව පාලම අසල ගිං ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී ඇතැයි නෙළුව පොලීසිය පවසයි.

මෙලෙස දියේ ගිලී ඇත්තේ, 21 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අදාළ තරුණයා ඊයේ (සැප්: 1) සිංහරාජයේ සංචාරය සඳහා පැමිණ අද (සැප්: 2) උදෑසන අරණුව, මෝදර ප්‍රදේශයෙන් ගිං ගඟ හරහා පිහිනීමට උත්සහ කිරීමේදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

ඔහු සමග පැමිණි මිතුරන් පවසන්නේ, තම විරුද්ධත්වය නොතකා ගිං ගඟ හරහා පිහිනීමේදී අදාළ තරුණයා එක්වර ම දියේ ගිලී අතුරුදන් වූ බවය.

මේ වන විට ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක්, එම තරුණයාගේ සිරුර සෙවීමේ කටයුතු සිදු කරනු ලබයි.

සිරුර සෙවීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් පැමිණීමට නියමිත බව නෙළුව පොලිසිය පවසයි.

මීට පෙර ද මෙම ස්ථානයේ දියේ ගිලීම් සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

අබුඩාබි නුවර අවන්හලක සිදුවූ පිපිරීමෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා

Wed Sep 2 , 2020
අබුඩාබි නුවර සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඔහු සේවය කළ අවන්හලේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. මියගොස් ඇත්තේ 28 හැවිරිදි මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි සමිත් රංගන නමැති තරුණයෙකි. ඔහු වැලිගම, වරකපිටිය, විස්කම් උයන ගම්මානයේ පදිංචිව සිටියේය. ඔහුගේ දේහය […]

Breaking News