ශ්‍රී ලංකාවට ආසන්නයේ තෙල් නැවක ගින්නක්

සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ පැනමා ධජය යටතේ තෙල් ප්‍රවාහනය කරනු ලබන “MT NEW DIAMOND“ නම් වූ නෞකාවේ මෙම ගින්න හටගෙන ඇති බවය.

සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් නැගෙනහිර මුහුදේ නෞකාව ස්ථානගත කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති අතර එය මෙතෙක් ප්‍රධාන තෙල් ටැංකි පිහිටා ඇති ප්‍රදේශ වෙත පැතිරගොස් නොමැති බවට වාර්තා වේ.

නෞකාව කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ සහායට නාවික හමුදාවේ නෞකා 3 මේ වනවිට පිටත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 40ක් දුරකට රැගෙන යයි

Sat Sep 5 , 2020
නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන MV New Diamond නම් නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 35ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව තිබෙනවා. ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කොට ඇති ඉන්ධන කිසිදු ලෙසකින් පිටතට කාන්දුවීමක් සිදුව නොමැති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය […]

Breaking News