හැම කෙනෙක්ම දැනුවත් වෙන්න කුළු බඩු ගනිද්දි හෙම්මාතගම | අරණායක දිප්පිටිය | මාවනැල්ල වාගේ ප්‍රදේශ වල කඩ වල තිබෙන කුළු බඩු ගනිද්දි සැලකිලිමත් වෙන්න පසුගියදා විජය තුනපහ පමණක් ගැනිම සෞඛ්‍යයට හොඳයි…. දැන් තිබෙන තත්වය එක්ක පහත ලිපිය කියවන්න.
මාවනැල්ල බැමිණියවත්ත ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගියේ යැයි පවසෙන නීතිවිරෝධි කෘත්‍රීම කුළුබඩු නිෂ්පාදනගාරයක් වටලා එහි තිබු තුනපහ කුඩු කිලෝ 641ක්, මිරිස්කුඩු කිලෝ 864 ක්, වර්ණ ගැන්වූ කහ කුඩු කිලෝ 40ක්, කෘතිම වර්ණක අඩංගු විශාල ටින් ප්‍රමාණයක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයයේ නිලධාරින් කණ්ඩායමක් හා මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කණ්ඩායමක් එක්ව අත්අඩංගුවට ගනු ලැබූහ.
වැටලීමේදි කෘත්‍රිම කහ කුඩු, මිරිස් කුඩු සහ තුනපහ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා ගබඩාකර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු පණු කැදලි සහිත සුදු කැකුළු සහල් කිලෝ එකසිය පනහක්, ගම්මිරිස් කිලෝ දෙසියකය ආසන්න ප්‍රමාණයක්, රතු පැහැති කෘත්‍රිම ඩයි කිලෝ තිහක්,වෙනත් කෘතීම වර්ණක කිලෝ තිහක්, කහ වර්ණ පැකට් එකසිය පනහක්, කඩල පිටි කිලෝ හතළිහක්, සහ ජනප්‍රිය වෙෙළඳ සංනාමය සඳහන් ඇසුරුම් වල පිට කවරයේ සීයට සීයයක් ස්භාවික කුළුබඩු යන්න මුද්‍රණය කර තිබු බවද සඳහන්ය. අත්අඩංගුවට ගනුලැබු කුළුබඩවල ස්වාභාවික මිශ්‍රණය සියයයට පහකුත් සියයට අනූපහක් කෘත්‍රිම කුළුබඩු බවත්, එ්වායෙහි පිළිකා කාරක අඩංගු විය හැකි බවට සැකකෙරෙන අතර සොයා ගනුලැබු කුළුබඩු වල සාම්පල රසපරික්ෂක වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අදාළ නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබීමට පියවරගත්බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය. මෙහි නිෂ්පාදන කෙරෙන කුළු බඩුවල පිළිකා කාරක අඩංගුවී ඇති බවට සැක කෙරෙන බවද පැවසූ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කිරිම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම, ඇතුළු චෝදනාද සමග බී වාර්තාවක් මගින් අධිකරණය හමුවට කරුනු ඉදිරිපත් කිරිමට කටයුතු කරන බටද පැවසීය.
©️saman vijaya bandara