ලෝකයේ පිළිකන්න ලෙස නම් දරා සිටි ඉතියෝපියාවේ සැහැල්ලු ගුවන් මගී දුම්රිය සේවාව 2015 වසරේ සැප්තැම්බර් 20 වනදා ජනතා අයිතියට පත්විය. Addis Ababa Light Rail (ඇඩිස් ඇබබා) සැහැල්ලු දුම්රිය සේවාව ලෙස නම් කොට ඇති මෙම දුම්රිය සේවාව සතු දුම්රිය ගණන 41 ක්වේ.
නාගරික දුම්රිය මාර්ග දෙකක්(2 railway lines) පුරා දිවෙන මෙම දුම්රිය නවත්වන්නට නැවතුම්පොළ වල් 39ක් ඉදිකොට ඇත.සැතපුම් 31.6 ක් පුරා දිවෙන මෙම දුම්රිය මගින් දිනකට සේවාව ලබාගන්නා පිරිස 150,000 කට අධික වේ. මෙම දුම්රිය “දුම්රිය“ ලෙස හැඳින්වූවද ඇත්තටම මෙම “රිය“ විදුලි බලයෙන් ධාවනය වන ලෙස නිපදවා ඇත. ඉතියෝපියානු රජය ලබන වසරේදී මෙම සේවාව තවදුරටත් යාවත්කාල කිරීමට නියමිත වන අතර දැනටමත් එයට පිඹුරුපත් සකසා ඇත.
©හසිත හේරත්.