හේල් යනු ඕනෑම මුහුණු ආවරණයකට සම්බන්ධ කල හැකි අඩු වියදම් ස්මාර්ට් ප්රින්ටබල් ස්ටිකර් එකක් ලෙසින් නිශ්පාදිත සෙන්සර් එකකි.මෙමගින් පුද්ගලයනගේ ශ්වසනය සම්බන්ධ දත්ත ලබා දීමක් සිදුවේ. ශ්වසන වේගය, ආශ්වාස ප්රාශ්වාස රටාව, නිපදවන කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය, මාස්ක් එකේ ආයු කාලය ඇතුලු ශ්වසනය සම්බන්ධ කැපී පෙනන දත්ත ලබාදීමට මෙයට හැකියාව පවතියි.
මෙම වයර්ලස් සෙන්සර් එක ඩොලර් 1 ක් වැනි අඩු මුදලකට නිපදවීමට පුලුවන්. ස්ලින්ටෙක් ආයතනය ලංකාවේ විශාලතම ඇගලුම් අපනයනය ආයතනයක් වන Hirdaramani සමූහය සමග එක්වී මෙය මහා පරිමාණ නිෂ්පාදනයට පසුගියදා අවබෝධතා ගිවිසුමකට එලඹුනා.
Hirdaramani සමූහය යුරෝපා සංගමයට හා උතුරු ඇමරිකානු වෙළඳපොළවල් සඳහා පුද්ගලික ආරක්ෂණ කට්ටල හෙවත් PPE අපනයනය සිදුකරයි. එලෙස අපනයනය කරන මුහුණු ආවරණ සදහා මෙම නවතම උපාංගයත් එක්කොට අගය එකතු කරමින් අපනයනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.