කොරෝනා වෛරසය සඳහා දේශීය ඔසුවක් සොයා ගත් බව කියන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කරයි.
අප කෑගල්ල පොලිසියෙන් කළ විමසීමකදී අදාළ ඖෂධය ලබා ගැනීම සඳහා අද(08) අලුයම් කාලයේදී 5000ක පමණ ජනකායක් පැමිණ සිටි අතර මේ වන විට ඊට අධික පිරිසක් ඒ මහතාගේ නිසව ඉදිරිපිට සිටින බවයි.