ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාව ඉනිමක ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද නැවත යාවත්කාලීන විය. 36 all out

දිනය ආරම්භ කරන විට ඉන්දියාව එක් කඩුල්ලක් දැවි ලකුණු 9ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඉන්දීය ඉනිමේ කඩුලු 9ක් පමණක් දැවී ගිය අතර, මොහොමඩ් ෂාමි පන්දුවක් අතක වැදීම හේතුවෙන් සිදු වූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.

වැඩිම ලකුණු ලාභියා වූ මයාන්ක් අගාර්වල් ලකුණු 9ක් රැස් කළා.

මීට පෙර ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ඉනිමක වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව වූයේ එංගලන්තයට එරෙහිව 1974 වසරේ ලබා ගෙන තිබූ ලකුණු 42යි.

මීට පෙර දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව ද ලකුණු 36කට දැවී ගොස් තිබුණා.

ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ නවසීලන්ත කණ්ඩායම 1955 වසරේ දී එංගලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 26යි.

ඉන්දියාවට එරෙහි දෙවැනි ඉනිමේ පන්දු යැවීමේ දී ජොෂ් හෙසල්වුඩ් ලකුණු 8කට කඩුලු 5ක් දවා ගත් අතර, පැට් කමින්ස් ලකුණු 21කට කඩුුලු 4ක් බිද හෙලුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

රාජගිරිය කොට්ටාව ඇතුලු නගර කිහිපයකට උමං පදික මාරු

Mon Mar 15 , 2021
වර්තමානයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ගවල පවතින රථවවාහන තදබදයට පිලියම් යෙදවීම සඳහා වාහන තදබදය අධිකව පවතින ස්ථානවල ගුවන් පාලම් ඉදිකිරීම, උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග (By pass road) මාර්ග තදබදය පවතින ප්‍රදේශ මගහැර වෙනත් ප්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා 2021 වසරේ අයවැය මගින් […]

Breaking News