පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයට වැඩිපුර දින දෙකක් යොදාගැනීමට විපක්ෂය විරුද්ධ වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීම සදහා තවත් දින දෙකක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කල යෝජනාවට විරෝධතාව පලකර එය කඩා කප්පල් කිරීම සඳහා සමගි බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අද ක්‍රියා කොට තිබෙනවා.

එමෙන්ම පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේ දී ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල ඊට සිය විරෝධතාවය පලකර ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේදී ද ඊට සිය විරෝධතාවය පලකර ඇත.

විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවටම පාස්කු ප්‍රහරයට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා ආණ්ඩුව විසින් කටයුතු කල යුතු බවට විපක්ෂය වොයිස්කට් දේශපාලනයක් සිදු කල අතර, ඒ සඳහා අදාල නීති සකස් කරමින් නැවත මෙවැනි දෙයක් ඇති නොවීමට කටයුතු කිරීම පිණිස පාර්ලිමේන්තුවේ සාකච්ඡා කල යුතු අවස්ථාවක විපක්ෂය ඊට එරෙහි වීම පිළිබඳව මේ රටේ සියලුදෙනා දැනගත යුතු බවයි. මේ පිළිබඳව අදහස් දක්වන ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් අප වෙත සඳහන් කර සිටියේ,

පාස්කු ප්‍රහාරය වැනි මේ රටේ සංවේදී මාතෘකාවක් පිළිබඳව “කතා කල යුතු නැති බවට” කියා සිටිමින් විපක්ෂය ඊට එරෙහි වෙද්දි දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිසම ගැන විවාදයක් ඉල්ලා සිටින්නේ, සිය ගණනක් මරාදමා, තවත් පිරිසක් සදාකාලින ආබාධිත තත්වයකට පත් කල පාස්කු ප්‍රහාරයට වඩා, යහපාලන ආණ්ඩු සමයේ සිදු කල ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ කාලය වැය කරමින් කතා කල යුතු බව කියමින්ද..?

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමට ඕනෑ කිව්වෙත් විපක්ෂයමයි. ඔවුනට අපි ඕනෑටත් වඩා අවස්ථාව දෙනකොට ඔවන් එයට විරෝධතාවය පල කරනවා. මේක විහිළුවක්..” ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මේ පිළිබඳ අදහස් දකවමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සමාජ මාධ්‍ය තුල සංසරණය උන අධිවේගී මාර්ගයේ අපරික්ෂාරීව රිය පැදවූ අයට වැඩ වරදී

Sun Apr 11 , 2021
සමාජ ජාලා මාධ්‍යය තුල සංසරණය වූ ඡායාරූපයේ සිටින අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරීව රිය පැද වූ අයට වැඩ වරදී . උත්සව සමය තුළ අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 10-04-2021 වන දින ෆේස්බුක් සමාජ ජාලාව තුල දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ […]

Breaking News