පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන කිඹුල් කඳුළු හෙලන විපක්ෂය ගැන ජොන්ස්ටන් කට අරී

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කදුළු සලන විපක්ෂය, ප්‍රහාරයට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් මොනවද කලේ . මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරිමට මූල්‍ය අනුග්‍රහය ලබා දීමේ චෝදනාව සහ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කදුළු සලන විපක්ෂය, ප්‍රහාරයට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් පෙනී නොසිටීම මගීන් විපක්ෂයේ වගකීම් විරහිතභාවය ප්‍රදර්ශනය වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…
“පාස්කු ඉරිදා වින්දිතයින්ගේ දුක්ඛිත තත්වය ගැන අපේ විපක්ෂයේ සාමාජිකයන් කතා කරනවා ඔබ දැක තියෙනවාද? ත්‍රස්ත ප්‍රහාරවලට වගකිව යුතු අය අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකම ඔවුන් එවැනි අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් රජයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරනවා. සැකකරුවන්ගේ අයිතිවාසිකම් ඉස්මතු කරනවා. අත්අඩංගුවට ගත් තැනැත්තාට දේශපාලන පසුබිමක් තිබේ නම් ඔවුන්ගේ විලාප දීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය දේශපාලන ගොදුරක් යැයි කියා හඩා වැලපෙනවා.

පාස්කු ඉරිදා සංහාරය සිදු වූ විට විපක්ෂය බලයේ සිටි බවත් විපක්ෂ නායකවරයා සහ ඔහුගේ පක්ෂ සාමාජිකයන් වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට යුක්තිය ඉටු කිරීමට බැඳී සිටිනවා. වල්පල් චෝදනා නගමින් ඔවුන්ව පීඩාවට පත්කරනවාට වඩා මෙම පරීක්ෂණ පැවැත්වීමට විපක්ෂයේ සාමාජිකයින්ද ආණ්ඩුවේ අප සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

මෙම පරීක්ෂණ සඳහා සහාය වන ලෙසට මම ඔවුන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටියා. සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වන සෑම අවස්ථාවකදීම සජිත් ප්‍රේමදාස – අනුර දිසානායක ඇතුළු විපක්ෂය ඔවුන් වෙනුවෙන් අඩනවා. යහපාලන ආණ්ඩු සමයේ අපිව සිරගත කලේ බොරු චෝදනා දාලයි. විනිසුරුවරුන්ට කථා කරලා මහ රැ උසාවි ඇරලා තමයි අපිව සිරගත කලේ. නමුත් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ දීර්ඝකාලීනව සිදු කල විමර්ශන වලින් පසුවයි. අපි පරීක්ෂණ කිරිමට නිදහස දී තිබෙනවා. පොලිසිය විසින් විමර්ශනයේ අවශ්‍යතා අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම සිදු කරනු ලබයි. එම විමර්ශන කටයුතු වලට ආණ්ඩුව අතපොවන්නේ නැහැ.

මෙම ප්‍රහාරය නිසා පුද්ගලයින් 269 කට වැඩි පිරිසක් මියගොස් තවත් 500 දෙනෙකු තුවාල ලැබූවා. පුද්ගලයන් හා දේපළ අහිමි වීමේ ප්‍රතිවිපාකය අදටත් දහස් ගණනක් විදවනවා. එම නිසා මම නැවත විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ රජය විවේචනය කිරීමට පෙර මෙම ප්‍රහාරය පිළිබදව බැරෑරුම් ලෙස සිතා බැලීමටත්, ත්‍රස්ත කණ්ඩායම් සම්බන්ධයෙන් කථා කිරිමට පෙර, ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා ඇති අයගේ අයිතිවාසිකම්වලට වඩා වින්දිතයින්ගේ දුක්ඛිත තත්වය ගැන සිතා බැලීමට කටයුතු කරන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

වින්දිතයින්ට යුක්තිය ඉටුකරනවා වෙනුවට පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපන කිරීම විපක්ෂයේ සැලැස්මක් - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

Thu Apr 29 , 2021
වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා වෙනුවට පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු අඩපණ කිරිමේ විපක්ෂයේ සැලැස්මක් – මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. පාස්කු ප්‍රහාරය සංවිධානාත්මකව කරන ලද මිනී මැරුමක්.ත්‍රස්තවාදී ප්‍රහාරයක්. එම ඝාතන සැලැස්මට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ සියළු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙනවා. නමුත් මේ වන විට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය […]

Breaking News