පෝට් සිටි විවාදය කල් යන්න හේතුව ජොනී කියයි

පෝට් සිටි පනත සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ විවාදය කල් ගියාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා…

වරාය නගරය පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙ තීන්දුව කතානායකවරයාට දැනුම් දුන්නොත් හෙට දවස තුළ එනම් බදාදා දවසේ විවාදයකට ගන්නවා. අද දවසේ මේ තින්දුව ආවෙ නැති නිසා අපි තීන්දුවක් ගත්තා හෙට දවසේ විපක්ෂය ඉල්ලපු රටේ තියන තත්ත්වය සම්බන්ධ විවාදය සම්බන්ධ විවාදය හෙටට සිදු කරන්න.

ඊළගට අපි ගත්ත තීන්දුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය දවස් 21 ඇතුළත කතානායකවරයාට වරාය නගර පනත ගැන තීන්දුවක් එවපු ගමන් අපි ඒ විවාදය නැවත වාරයක් දින නියම කරගන්නවා ඒ විවාදය කරන්න.

පාර්ලිමේන්තුවට දාන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ආවට පස්සේ. ඊට පස්සෙ තමයි පාර්ලිමේන්තුවට දාන්න පුළුවන් වෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ආවට පස්සෙ අපි විවාදයට ගන්නවා. විවාද කරලා තමයි සම්මත කරගන්නේ. ඒක තමයි සම්ප්‍රදාය. විවාද නොකර සම්මත කරන්න බැහැ. අපේ ආණ්ඩුවේ විශාල පිරිසකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පැහැදිලිවම විවාදයට ලක් කරලා නීත්‍යානුකූලව සම්මත කරගන්නවා.

අපි කොවිඩ් ප්‍රශ්නය නිසා ලබා දුන්නේ පාර්ලිමේන්තුව අගහරුවාදා සහ බදාදා පමණක් තිබිය යුතුයි කියලා අපි තීන්දු කෙරුවා. බදාදා දවසේ දී උදේ ඉදලා සවස අට වෙනකම් පවත්වන්න තීරණය කෙරුවා. පාර්ලිමේන්තුවේ තියන ප්‍රශ්න අහන සියලුම දේවල් කල් දැම්මා. ඒ දේවලට වෙලාව නොදී විවාදයට පමණක් වෙලාව ලබා දීම තමයි අපි බලාපොරොත්තු වුණේ. පක්ෂ නායකයොත් එක්ක අපි එකගතාවයකට ඇවිල්ලා දවස් දෙක එක දවසකට ලබා දුන්නා. ඒ නිසා මේ විවාදයෙන් පැනල යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. මේ පනත ගෙනාවෙත් අපි. රටේ නීතියට අනුව අපි විවාද කරන්නත් ලෑස්තියි ඒ වගේම සම්මත කරන්නත් ලෑස්තියි. විපක්ෂය කියනවා නම් අපි මේකෙන් පැනල යන්න හදනවා වෙලාව දෙන්නේ නැහැ ඒක වැරදියි.

පාර්ලිමේන්තුවේ පනතක් සම්බන්ධව විපක්ශෙන් කතා කරන්නෙ කීයෙන් කීදෙනාද, පාර්ලිමේන්තුව ඇතුලෙ කතා කරන්නේ වල්පල්. දාන පනතක් ගැන හෝ ගැසට් එකක් ගැන හෝ නිවේදනයක් ගැන හෝ නෙවෙයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ඔක්කොම ඇවිල්ලා වෙන වෙන විෂයන් ගැන තමයි කතා කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආපුවහම අපේ ඇමතිවරුත් මන්ත්‍රීවරුත් බලා ගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ විවාද කරන්න. මේ විපක්ෂය කරන බොරුව ඔප්පු කරන්න තමයි අපිත් පාර්ලිමෙන්තුවේ බලාගෙන ඉන්නේ. විපක්ෂය කරන්නේ බොරුවක් නේ. 2015 ඉදන් ඔය බොරුවම නේ කලේ. මොනවද පෝට් සිටියට කිව්වේ. මොනවද එදා ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ, ලංකාවෙම ගල් ටික කැඩුවත් මදි කියලා. අධිවේගී මාර්ගය හදනකොට කිව්වේ රාජපක්ෂ පවුලට කිරියි තව ඒවයි ගේන්න තමයි ඒක හදන්නේ කියලා. එහෙමනේ එදා ගැහුවේ. එක නිසා අපිටත් ඕනි මේ බොරුව පරාජය කරන්න. ඒක නිසා අපිටත් අවශ්‍ය විවාදය. ඒ නිසා විවාද වලින් පැනලා යන්නේ නැහැ. විපක්ෂ හිතනවා නම් මේ බොරුව සමාජගත කරන්න, ඔය බොරුව සමාජගත කරලා අන්තිමට දිනලා මොකක්ද අන්තිමට සිද්ධ වුනේ.. අවුරුදු 3 යන්න කලින් ආපහු පැරදුණා. ඒ නිසා අපි දන්නවා මහ බැංකුවෙන් හොරා කපු සල්ලි වලින් විවිධ තැන් වලින් හොරා කාපු සල්ලි වලින් විවිධ ගිණුම් මුහුණූ පොතේ විවෘත කරගෙන, වෙනත් විවිධ තැන් වල ගිණුම් විවෘත කර අපිට මඩ ගහන එකයි කරන්නේ. ඒ හොරකම් කරපු සල්ලි වලින්. ඒ නිසා ඒකට අපි ඔළුව නවන්න සූදානම් නැහැ. එක නිසා මේ විවාදයට අපි මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සම්මත කරන්න තියන සියළුම දේවල් පාර්ලිමේන්තුවේ අපේ රජය යටතේ සම්මත කරනවා. බොරැවට ඉඩ දෙන්න සූදානම් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

වාහන තදබදයට පිලියම් ලෙස ඉදිකරන ගුවන් පාලම් මාස 12 ක් ඇතුලත ඉදිකර අවසන් කරන ලෙස මහාමාර්ග ඇමතිවරයාගෙන් කොන්ත්‍රාත් සමාගම් වලට උපදෙස්

Wed May 5 , 2021
කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ඉදිකරන ගුවන් පාලම් මාස 12ක් ඇතුළත නිම කරන ලෙස කොන්ත්‍රාත් සමාගම්වලට උපදෙස් – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජනතාවට […]

Breaking News