මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවන ප‍්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත කෙරෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මන්නාරම ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය ”තම්බපවනි” ලෙස නම්කර තිබෙනවා.

කොරෝනා වෛරසය සඳහා දේශීය ඔසුවක් සොයා ගත් බව කියන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කරයි. අප කෑගල්ල පොලිසියෙන් කළ විමසීමකදී අදාළ ඖෂධය ලබා ගැනීම සඳහා අද(08) අලුයම් කාලයේදී 5000ක පමණ […]

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මෙම සේවකය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

ලෝකයේ පිළිකන්න ලෙස නම් දරා සිටි ඉතියෝපියාවේ සැහැල්ලු ගුවන් මගී දුම්රිය සේවාව 2015 වසරේ සැප්තැම්බර් 20 වනදා ජනතා අයිතියට පත්විය. Addis Ababa Light Rail (ඇඩිස් ඇබබා) සැහැල්ලු දුම්රිය සේවාව ලෙස නම් කොට ඇති මෙම දුම්රිය සේවාව සතු දුම්රිය ගණන 41 ක්වේ. නාගරික දුම්රිය මාර්ග දෙකක්(2 railway lines) පුරා දිවෙන මෙම […]

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටවීමේ ගේට්ටුවට නුදුරින් එලිෆන්ට් හවුස් බිම බෙදාහැරීමේ Warehouse අසල කන්ටේනර් රථයක් ගාල් කිරීමේ වරදට එහි රියදුරාට එහි සේවකයින් විසින් 09 දින පස්වරුවේ පොලු මුගුරුවලින් අමානුෂික පහරදීමක්! ALL CREDITS GOES TO OWNER

හැම කෙනෙක්ම දැනුවත් වෙන්න කුළු බඩු ගනිද්දි හෙම්මාතගම | අරණායක දිප්පිටිය | මාවනැල්ල වාගේ ප‍්‍රදේශ වල කඩ වල තිබෙන කුළු බඩු ගනිද්දි සැලකිලිමත් වෙන්න පසුගියදා විජය තුනපහ පමණක් ගැනිම සෞඛ්‍යයට හොඳයි…. දැන් තිබෙන තත්වය එක්ක පහත ලිපිය කියවන්න.මාවනැල්ල බැමිණියවත්ත ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගියේ යැයි පවසෙන නීතිවිරෝධි කෘත්‍රීම කුළුබඩු නිෂ්පාදනගාරයක් […]

‪කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.‬ ‪මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.‬ ‪ඇතිවී තිබෙන […]

නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන MV New Diamond නම් නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 35ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව තිබෙනවා. ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කොට ඇති ඉන්ධන කිසිදු ලෙසකින් පිටතට කාන්දුවීමක් සිදුව නොමැති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය […]