සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ පැනමා ධජය යටතේ තෙල් ප්‍රවාහනය කරනු ලබන “MT NEW DIAMOND“ නම් වූ නෞකාවේ මෙම ගින්න හටගෙන ඇති බවය. සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් නැගෙනහිර […]

මහනුවර රෝහල් පටුමග ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 62යි මිලිග්‍රෑම් 350ක් සමග කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ මහනුවර පොලීසියේ කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරා කාන්තාව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 33ක් වූ එම කාන්තාවගේ අත්බෑගයේ තිබී හෙරෝයින් සහ මුදලින් රුපියල් පනස්දහසක් […]

අබුඩාබි නුවර සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඔහු සේවය කළ අවන්හලේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. මියගොස් ඇත්තේ 28 හැවිරිදි මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි සමිත් රංගන නමැති තරුණයෙකි. ඔහු වැලිගම, වරකපිටිය, විස්කම් උයන ගම්මානයේ පදිංචිව සිටියේය. ඔහුගේ දේහය […]

සිංහරාජයේ සංචාරය සඳහා පැමිණි තරුණයෙකු ලංකාගම – අරණුව පාලම අසල ගිං ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී ඇතැයි නෙළුව පොලීසිය පවසයි. මෙලෙස දියේ ගිලී ඇත්තේ, 21 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. අදාළ තරුණයා ඊයේ (සැප්: 1) සිංහරාජයේ සංචාරය සඳහා පැමිණ අද (සැප්: 2) උදෑසන අරණුව, මෝදර ප්‍රදේශයෙන් ගිං ගඟ හරහා […]

රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.විනාඩි 25කට සීමා වූ උත්සවය අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දීපැවැත්විණ. මුලින් උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට  රජය තීරණය කළ බව පැවසුණ අතර අද රාජ්‍ය සේවයට එක් […]