මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවන ප‍්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත කෙරෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මන්නාරම ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය ”තම්බපවනි” ලෙස නම්කර තිබෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මෙම සේවකය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

හේල් යනු ඕනෑම මුහුණු ආවරණයකට සම්බන්ධ කල හැකි අඩු වියදම් ස්මාර්ට් ප්‍රින්ටබල් ස්ටිකර් එකක් ලෙසින් නිශ්පාදිත සෙන්සර් එකකි.මෙමගින් පුද්ගලයනගේ ශ්වසනය සම්බන්ධ දත්ත ලබා දීමක් සිදුවේ. ශ්වසන වේගය, ආශ්වාස ප්‍රාශ්වාස රටාව, නිපදවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, මාස්ක් එකේ ආයු කාලය ඇතුලු ශ්වසනය සම්බන්ධ කැපී පෙනන දත්ත ලබාදීමට මෙයට හැකියාව පවතියි. මෙම වයර්ලස් […]

ලෝකයේ පිළිකන්න ලෙස නම් දරා සිටි ඉතියෝපියාවේ සැහැල්ලු ගුවන් මගී දුම්රිය සේවාව 2015 වසරේ සැප්තැම්බර් 20 වනදා ජනතා අයිතියට පත්විය. Addis Ababa Light Rail (ඇඩිස් ඇබබා) සැහැල්ලු දුම්රිය සේවාව ලෙස නම් කොට ඇති මෙම දුම්රිය සේවාව සතු දුම්රිය ගණන 41 ක්වේ. නාගරික දුම්රිය මාර්ග දෙකක්(2 railway lines) පුරා දිවෙන මෙම […]

හැම කෙනෙක්ම දැනුවත් වෙන්න කුළු බඩු ගනිද්දි හෙම්මාතගම | අරණායක දිප්පිටිය | මාවනැල්ල වාගේ ප‍්‍රදේශ වල කඩ වල තිබෙන කුළු බඩු ගනිද්දි සැලකිලිමත් වෙන්න පසුගියදා විජය තුනපහ පමණක් ගැනිම සෞඛ්‍යයට හොඳයි…. දැන් තිබෙන තත්වය එක්ක පහත ලිපිය කියවන්න.මාවනැල්ල බැමිණියවත්ත ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගියේ යැයි පවසෙන නීතිවිරෝධි කෘත්‍රීම කුළුබඩු නිෂ්පාදනගාරයක් […]

මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාල හෝටලයේ නැවතී සිට ඇත. ඔවුන් […]

Breaking News